Posts

Showing posts from March, 2018

පොම්පෙයි

Image
අළු දූලි මත වැසී ගිය පොම්පෙයි හා හර්කියුලේනියම් ඒ ක්‍රි. ව. 79 , අගෝස්තු 24 විය. අධික කාමාසාවට හා මත්පැනට ලොල්ව සිටි ධන කුවේරයන්ගේ පාරාදීසයක් වූ පොම්පෙයි හා හර්කියුලේනියම් හි වැසියන් සිටියේ තම තමන්ගේ ලෝක වලය. තම අසල්වැසි විසූවියස් ඇහැරී තමන් දෙස බලා සිටිනා වගක් මේ වැසියෝ නොදත් හ. වර්ථමාන නෙපල්ස් නගරයට ආසන්නව පිහිටි පොම්පෙයි හා හර්කියුලේනියම් යනු පුරාණ රෝමයෙහි ධනවතුන් ගේ නිවාඩු නිකේතනයක් ව පැවති මුහුදුබඩ සුන්දර නගර දෙකකි. මේ සුන්දරත්වයට තිත තබමින් විසූවියස් ඇහැරී තම බලපරාක්‍රමය පෙන්වන්නට පටන් ගත්තේය. බිළිඳුන් නිදි කරවමින් සිටි මවුවරුන්ද, තම සහකාරිය සිප වැළඳ සිටි පෙම්වතුන්ද, නිඳිගත්වනම සිටි අනෙක් වැසියෝද, ඇහැරී සිටියවුන්ද , සදාතනික සිහිවටන බවට පත් කරමින් , පැයට සැතපුම් 50- 60 අතර වේගයෙන් ලාවා ගඟ ගලා ගියේය. මේ මගින් නැගි විශ දුම ආග්‍රාණයෙන් බොහෝ වැසියෝ ජීවිතක්ෂයට පත් වූ අතර අලු නිසා දෑස් අඳව දුවා ගත නොහැකි වුනු වැසියෝද ලාවාහි කිඳී ගියේය. පැය 18 ක් තිස්සේ තම අණසක පැතිරවූ විසූවියස් යලිත් බොහෝ කලකට මම නොනැගිටිමිය යන තිර අධිටනින් යුතුව නිදාගන්නට ගියේය. එහෙත් විසූවි

ඇම්බැක්කෙ

Image
ඇම්බැක්කේ දේවාලය ➖➖➖➖➖➖➖➖➖ විශේස ස්තූතිය කාංචනා දිසානායක roar සිංහල. ගෘහනිර්මාණ ශිල්පයත්, කැටයම් කලාවත් යනු ශ්‍රී ලාංකිකයින්ට අතීතයේ සිටම උරුමව පැවති කුසලතාවයකි. මහින්දාගමනයෙන් පසු බුදු දහමේ අභාෂය නිසා එය තව තවත් ඔපමට්ටම් වූ නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට ජනතාව, තමන්ටම ආවේනික වූ ශිල්පීය ක්‍රමවේදයන් අනුගමනය කළ බව, දැනට ඉතිරිවී ඇති පුරා විද්‍යාත්මක නටඹුන් සාක්ෂි දරයි. මෙලෙස ඈත අතීතයේ පටන් ඉදිවූ පන්සල්, වෙහෙර විහාර, මාළිගා, ආදී ගොඩනැගිලි අතර ඇම්බැක්කේ දේවාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඇම්බැක්කේ දේවාලය මෙතරම් සුවිශේෂී වන්නේ, ආගමික සිද්ධස්ථානයක් වශයෙන් පමණක් නෙව, කලාත්මක දැවමය නිර්මාණයක් වශයෙන්ද ජනතා බහුමානයට පාත්‍රව ඇති නිසාය. ඇම්බැක්කේ දේවාලයේ ඉතිහාසය ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුනුවර ඇම්බැක්ක ග්‍රාමයේ ඇම්බැක්ක දේවාලය පිහිටා තිබේ. ක්‍රි.ව. 1357 – 1374 කාලයේ ගම්පල රාජධානියේ රජ කල 3 වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලය ඉඳිකල බවට ඉතිහාසයේ සඳහන්. දැවමය ගෘහනිර්මාණ ශිල්පයක් පදනම් කර ගත ඇම්බැක්කේ දේවාලය ඉඳි කිරීම පිළිබඳව පිළිබද ජනශ්‍රැතියෙහි වි

ඉතිහාසෙන්.

Image
පොත්ගුල් ලෙනේ අලවල මානවයා බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගිනිකොන සීමාවේ පිහිටි මෙම අලවල ලෙන, සියනෑ කෝරළේ උඩගහපත්තුවට අයත් වෙයි. පරිපාලනමය වශයෙන් ගත් කල ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ අලවල උතුර ග්‍රාමසේවා වසමේ මෙම අලවල පොත්ගුල් ලෙන පිහිටා ඇත. වඩාත් නිශ්චිතව හඳුන්වන්නේ නම් බස්‌නාහිර පළාතේ නිට්‌ටඹුවට නුදුරු අත්තනගලු ඔය ඉහළ නිම්නයේ අතු ගංගාවලින් පෝෂණය ලබන ප්‍රදේශයක මේ අලවල ලෙන පිsහිටා ඇත. ද්විතීයික ඝර්ම කලාපීය වනාන්තරයකින් වට වූ කඳුකර භූමියක එක්‌ බෑවුමක්‌ මැද අලවල පොත්ගුල් ලෙන පිහිටා ඇත. මෙහි පිහිටීම භූ විද්‍යාත්මක සාධක අනුව විමසා බලන විට ප්‍රාග්කේම්බී්‍රය යුගයට අයත් විජයානු ශේ්‍රණියේ පාෂාණවලින් නිර්මාණය වී ඇත. අලවල පොත්ගුල් ලෙන අවට පිහිටි ප්‍රදේශය අඩි 800ත් 1300ත් අතර උන්නතාංශයකින් යුක්‌ත වෙයි. මේ උන්නතාංශ සීමාව තුළ අඩි 1286ක උසකින් ඇතාබැඳි ලෙනත්, අඩි 984ක්‌ උස අලවල මහ කන්දත්, අඩි 842ක්‌ උස කහගල කන්දත්, පිහිටා ඇති අතර පොත්ගුල් ලෙන අඩි 1029 ක්‌ උස්‌ වූ කඳු ගැටයක පිහිටා ඇත. කළ කැණීම්වලින් මේ මානවයා අස්‌ථිවලින් නිපදවන ලද ආයුධ සිය පරිහරණ

Evolutionary Education

Image
Evolutionary Education Since  ancient times, quality of life, values at social and individual levels, spiritual and material progress have been direct products of education. Of course, the form and methodology of education have been undergoing transformation constantly and consistently with changing times.  Over the past decades , the scope of education has increased enormously to include much more than what it did previously. The absence of education, in many parts of the world, brought about the dawn of the dark ages, cruelty and many barbarities mainly in the name of religion . S uperstitio ns had devastating effect on  societies.  Religious and social evils had eradicated through entire populations. Lack of  soc ial reforms due to illiteracy was one of the contributing factors for mass genocide and human destruction . Education always served as an antidote to many brutalities and atrocities among human populations.  W henever there is quality education, we see enligh

ප්‍රංශ ඉතිහාසයේ ඔටුන්න ලූවර් කෞතුකාගාරය

Image
පැරිසියේ ඔටුන්න වූ ලූවර් කෞතුකාගාරය   ප්‍රංශයේ අගනුවර වූ පැරිස් හි ඇති ලූවර් කෞතුකාගාරය යනු එරට වසර හාරසියයකට අධික ඉතිහාසයක ප්‍රෞඩත්වය හා ලෝකප්‍රකට බොහෝ නිර්මාණයන් හි එකතුවකි. වර්ෂ 1515 සිට 1547 දක්‌වා ප්‍රංශය පාලනය කළ ප්‍රැන්කෝසිස්‌ අධිරාජ්‍යයාගේ සිට වසර 1852 සිට 1870 දක්‌වා රජ කළ නැපෝලියන් බොනපාට්‌ (III) අධිරාජ්‍යයාගේ කාලය දක්‌වා වූ ඉතිහාසය කියාපාන කෞතුක භාණ්‌ඩ මෙන්ම, ලෝකප්‍රකට සිතුවම් ද මෙහි ඇත. පසුකාලීනව එනම්, 1989 වසරේදී කෞතුකාගාරයේ ඉදිකළ වීදුරු පිරමීඩයත් සමග වසර 474 කට ආසන්න ඉතිහාසයක සාධක මෙහි අන්තර්ගතය. ගෘහ නිර්මාණ ශිල්පී අයි. එම්. පේයි විසින් නිර්මිත වීදුරු පිරමීඩය මෙකී කෞතුකාගාරයට ගෙන එන්නේ මහත් වූ සුන්දරත්වයකි. මෙය ඉදිකරන ලද්දේ කෞතුකාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ලෙසිනි. ඒ අනුව 1989 වසරේ සිට ලූවර් කෞතුකාගාරයට පිවිසිය යුත්තේ මෙම වීදුරු පිරමීඩය තුළිනි. ලූවර් කෞතුකාගාරයේ පළමු ප්‍රතිසංස්‌කරණ කටයුත්ත සිදු කරනු ලැබුවේ 1190 වසරේදී එවකට ප්‍රංශය පාලනය කළ පිලිප් ඔස්‌ටස්‌ රජතුමා විසින් වන අතර, එතැන් පටන් වසර හාරසියයක්‌ තිස්‌සේ කෞතුකාගාරයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු

සඳකඩපහණ

Image
සඳකඩපහණ සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි. එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ සොපාන හෙට්ටිචන්දපාෂාණ යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස කෙරිණ. සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක. සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය. අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි‍ දේ අගය නොකළ යුතු දේවල් ලෙස සැළකින. ඒ නිසා කැටයම් යොදන ලද්දේ පඩිපෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටය. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිමගෙවල්වලට ඇතුල්වන තැනැත්තාට සිහිපත් කරවයි. එතුමාගේ අදහස් වලට අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස නිරෑපණය කරන ලද ගිනි දැල්ලයි. එයින් අ

අධ්‍යාපන රටා.

Image
ශ්‍රී ලාංකික අධ්‍යාපනය ඕනම රටක ප්‍රධානම අංගයක් තමයි ඒ රටේ අධ්‍යාපන ක්‍රමය. රටක අනාගතය වෙනුවෙන් මූලික අඩිතාලම වැටෙන්නෙ මේක හරහා. ඒ නිසා අධ්‍යාපන ක්‍රමය කියන්නෙ ප්‍රායෝගික අධ්‍යාපනය එක්කම යාවත්කාලීන වියයුතු අංගයක්. ඒත් ශ්‍රී ලංකාව ගත්තොත් එදා මෙදා තුර තියෙන්නෙ එකම විදිය විශය නිර්දේශයක්, ආණ්ඩුව මාරු වෙන ගානෙ කොටස් කපා කොටා එක් කරන, ඒත් මූලික සිද්ධාන්ත එකම වෙන අධ්‍යාපන ක්‍රමයක්. ඒ ක්‍රමය තුල වෙනසක් මේ වනතුරුත් වෙලා නෑ. යුරෝපය ඇතුලු බටහිර රටක් හෝ , සංවර්ධිතයි කියල සම්මත වෙන රටක් ගත්තොත් ඒ රටවල අධ්‍යාපන ක්‍රමයන් තුල මූලිකත්වය දී තිබෙන්නේ ප්‍රායෝගික අධ්‍යාපනයට. යම් විශයක් ගත්තොත් එකී විශයෙන් කෙරෙන්නාවූ කරුණු ප්‍රායෝගික අධ්‍යාපනය මගින් සනාථ කරණු ලබනවා. අපි උදාහරණයක් විදියට ගත්තොත් , පොතේ උගන්නන කාරණාව පාං හදන එකනම්, ඒ දරුවන් අදාල ගොවිපළවල් වල සංචාරයක නිරත වෙලා පාං හදන්න තිරිඟු වපුරන තැන ඉදලාම ප්‍රායෝගික අධ්‍යාපනය ලබා ගන්නවා. මේවා එක වසරට නෙමේ ඊට කුඩා පෙරපාසැල් අධ්‍යාපනයේ ඉදන්ම කෙරෙන දේවල්. පංති කාමරය තුල උගන්වන හැම කරුණක්ම එකී ස්ථාන වලට යන්න බැරිනම් අඩුම වීඩියෝ පට හරහා හෝ නිසි දැනුම දරුවන්ට

මල් කැකුළු.

Image
දරුවෙක්ට දරුවෙක් වෙන්න ඉඩ දෙන්න මවු කුසකින් මේ ලෝකෙ එළිය දකින දරුවෙක්ගේ මනස අවර්ණ වතුර වීදුරුවක් වගේ. මේ අවර්ණ වතුර වීදුරුවට එක එක පාට , එක එක රස එක් කරන්නෙ වැඩිහිටි අපි විසින්මයි. දරුවෙක්ගෙ මනසට වෛරය එක් කරන්න පළවෙනි වෙඩිල්ල තියන්නෙ බොහෝ විට ඒ දරුවගෙ අම්ම , තාත්තා හෝ ලඟම ඥාතින් විසින්, ඒ එක්කම අපි දරුවාගෙ මනසට තරඟකාරීත්වය කියන දේත් එක්කරනවා යහමින්. මේ හැමදේම කරන්නෙ බොහෝම ආදරණීය විදියට හිතේ කිසිම කිළුටක් නොතියාගෙන වීම තමයි ඉතාමත්ම සිත්ගන්නාසුළු කරුණ වෙන්නෙ. අපි බලමු කොහොමද මෙහෙම වෙන්නෙ කියලා. දරුවෙක් යාන්තමට බහ තෝරන්න පටන් ගනිද්දි, අපි හරිම ලස්සනට දරුවගෙ ඔලුවට විස පුරවන්න පටන් ගන්නව. කෑම කවන්න ගන්නකොට , පුංචි පුංචි වැඩ කරන්න ගන්නකොට , අපි දරුවට තරඟකාරීත්වය කියන දේ ඔලුවට දානවා. ඒකට කොහේහරි ඉන්න තව අහින්සක දරුවෙකුත් අල්ලගන්නව මේ කිසිම දෙයක් ගැන හාංකවිසියක් වත් නොදන්න. අපි නොහිතා කරන පුංචි දේවල් වලින් වන හානිය තමා අවසානයේ මහා ව්‍යසනයක් බවට පත් වෙන්නේ. බලමුකො ඔයාට පුලුවන් ද කියල කන්න , අහවලාට නම් පුලුවන්. ඔයාට වඩා ලස්සනට අරයා ලියනව , කෝ බලමු ඔයාටත් පුලුවන්ද කියල අපෝ ඔයාට බෑනෙ අරයට නම්

අරේනා දි වෙරෝනා

Image
Arena di Verona  වෙරෝනා හි අරේනා එලිමහන් රංග පීඨය. පළමු ශතවර්ෂයේ දී ඉදිකර ඇතත්, අදටත් පෙර ලෙසම භාවිතා වන එලිමහන් රඟහලකි. අතීතයේ එක්වර නරඹන්නන් 30,000 කට ඇතුල් විය හැකිව තිබූවද අද වන විට එය 15,000 දක්වා අඩු කොට ඇත. අදටද මේ රඟහලේ ලෝකප්‍රකට ඔපෙරාවන් රඟදක්වනු ලැබේ.

රෝමියෝ ජුලියට්

Image
රෝමියෝ ජුලියට් රොමේයෝ හා ජුලියෙත්තා කියන ඉතාලි ප්‍රේමවන්තයින් දෙන්නා රෝමියෝ හා ජුලියට් වෙන්නෙ ශේක්ස්පියර් බ්‍රිතාන්‍ය ජාතික වීම හා ඉතාලි නම් ඉංග්‍රීසියෙන් ශබ්ද වීමත් නිසා. ඒක එහෙම් නොවෙන්න මේ දෙන්න රොමේයෝ හා ජුලියෙත්තා ම තමයි තවමත්. රොමේයෝ හා ජුලියෙත්තා කියන්නෙ එකිනෙකා හා ජම්ම වෛරයෙන් ජීවත් වුනු එක ලඟ ගෙවල් දෙකක සිටු පවුල් දෙකකට අයත් පිරිමි ළමයෙක් හා ගැහැණු ළමයෙක්. මේ දෙන්නගෙ පරම්පරා දෙක තමයි "Capulets" සහ "Montagus" . මේ වෛරය නිසාම මේ දෙන්නා කතෝලික පූජකයෙකු ඉදිරියේ රහසින් විවාහ වෙනවා. ඒත් මේ විවාහය දන්නෙ ඔවුන් තුන්දෙනාම විතරයි. මේ අතරවාරයේ රොමේයෝ මිණීමැරුම් ඡෝදනාවකට ලක් වෙනවා. ඒ ජුලියෙත්තා ගේ ඥාතියකු වන ටැයිබැල්ට් ගේ මරණයට. මේ ඡෝදනාවට වරදකරු කරන ඔහුව වෙරෝනා නගරයෙන් පිටුවහල් කරන්නට කරන සැලසුමක් කනවැකෙන ඔහු පිටුවහල් කිරීමට පෙර මන්තුවා නගරයට පලා යනවා. ඔහුගේ පලායාමෙන් අනතුරුව ජුලියෙත්තා ව විවාහ කර දෙන්න ඇගේ දෙමාපියන් කටයුතු කරනවා. මේ වෙලාවෙදි ඇය අර කතෝලික පූජකතුමාගෙන් උදවු ඉල්ලනවා. එතුමා සැලස්මක් හදනවා. බෙහෙතක් මගින් ඇයව දින කීපයක තද නිද්‍රාවක

ලංකාවේ විත්ති

Image
ලාංකික ජන සමාජය හා  එහි විකාශය, සොඳුරු හා වටිනා තැන් ගැන ලියවුන ලිපි ශ්‍රී ලාංකීය ඉතිහාසය

දරුවා හා රැකවරණය

Image
අපේම දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අකුරු වෙන ලිපි

නැණ පහන

Image
අපේම දුවා දරුවන්ගේ බොහෝ දස්කම්

අධ්‍යාපනයේ විකාශය

Image
අධ්‍යාපනයේ දුටු පැතිකඩ හා නොදුටු පැතිකඩ 

ඉතාලි අහස යට

Image
ඉතාලි අහස යට ඇස ගැටුන සොඳුරු තැන් හා මුණ ගැසුන බොහෝ දේ

ලොව පුරා විත්ති

Image
ලොව පුරා දන්නා බොහෝ ස්ථාන ගැන නොදන්නා බොහෝ දේ.

මිනිස් පවුර

Image
මෙලොව වසන්නාවූ සියලු ජාතින් , ජනවර්ග හා වීවිධ සංස්කෘතීන් ගැන ලියවෙන අකුරු

නිර්මාණ

Image
පුංචි පංචන්ගේ අකුරු හරඹය.

චිත්‍ර

Image
අපේ පුංචි පැංචන්ගේ සිතුවම් ලෝකය