පොම්පෙයි
අළු දූලි මත වැසී ගිය පොම්පෙයි හා හර්කියුලේනියම් ඒ ක්‍රි. ව. 79 , අගෝස්තු 24 විය. අධික කාමාසාවට හා මත්පැනට ලොල්ව සිටි ධන කුවේරයන්ගේ පාරාදීසයක් වූ පොම්පෙයි හා හර්කියුලේනියම් හි වැසියන් සිටියේ තම තමන්ගේ ලෝක වලය. තම අසල්වැසි විසූවියස් ඇහැරී තමන් දෙස බලා සිටිනා වගක් මේ වැසියෝ නොදත් හ. වර්ථමාන නෙපල්ස් නගරයට ආසන්නව පිහිටි පොම්පෙයි හා හර්කියුලේනියම් යනු පුරාණ රෝමයෙහි ධනවතුන් ගේ නිවාඩු නිකේතනයක් ව පැවති මුහුදුබඩ සුන්දර නගර දෙකකි. මේ සුන්දරත්වයට තිත තබමින් විසූවියස් ඇහැරී තම බලපරාක්‍රමය පෙන්වන්නට පටන් ගත්තේය. බිළිඳුන් නිදි කරවමින් සිටි මවුවරුන්ද, තම සහකාරිය සිප වැළඳ සිටි පෙම්වතුන්ද, නිඳිගත්වනම සිටි අනෙක් වැසියෝද, ඇහැරී සිටියවුන්ද , සදාතනික සිහිවටන බවට පත් කරමින් , පැයට සැතපුම් 50- 60 අතර වේගයෙන් ලාවා ගඟ ගලා ගියේය. මේ මගින් නැගි විශ දුම ආග්‍රාණයෙන් බොහෝ වැසියෝ ජීවිතක්ෂයට පත් වූ අතර අලු නිසා දෑස් අඳව දුවා ගත නොහැකි වුනු වැසියෝද ලාවාහි කිඳී ගියේය. පැය 18 ක් තිස්සේ තම අණසක පැතිරවූ විසූවියස් යලිත් බොහෝ කලකට මම නොනැගිටිමිය යන තිර අධිටනින් යුතුව නිදාගන්නට ගියේය. එහෙත් විසූවි...