Posts

Showing posts with the label ඉන්දියන් සාගරයේ මුතු ඇටය

උඩරට නැටුම්

Image
උඩරට නැටුම් කලාව උඩරට නැටුම් යනු ලක්දිව මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්‍රධායකි. මේ වනවිට මෙය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිංහල ජනතාව අතර පුළුල්ව පැතිර ඇත. පුරාවෘතයන්ට අනුව උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූයේ මෙරටට පැමිණි ඉංදියානු යකැදුරන් පිරිසක් පවත්වන ලද කොහොඹා කංකාරිය නම්වූ ශාන්ති කර්මය මගින් යැයි විස්වාස කෙරේ. ඔවුන් මෙරටට පැමිණීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කුවේණිය විසින් විජය රජුට සිදුකල දිවි දෝශය සුව කිරීම සඳහා බවයි. රජු සිහිනයකදී දිවියෙක් තමන්ගේ ඇඟට පනිනු දැක ඇත. එවකට පැවති විශ්වාසයන්ට අනුව එම සිහිනය කුවේණිය ගේ ශාපය තමා මත පතිත වීමක් යැයි සැළකූ රජු දරුණු ලෙස රෝගාතුර විය. කෙසේ නමුත් විජය රජුගෙන් පසු මෙම දිවි දෝශය පඬුවස්දෙවු රජුට වැළඳී ඔහු අසාධ්‍ය වූ හෙයින් යකැදුරන් ගෙන්වා කොහොඹාකංකාරිය ශාන්ති කර්මය පවත්වා ඇත. මින් රජුගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ අතර බොහෝ ස්වදේශිකයන් ගේ අවධානයටද පත්විය. මෙය මූලිකව ඉදිරිපත් කරන ලද්දේ උඩරට රාජ්‍ය ක්‍රමය විසින් නම් කරන ලද විරල කුලයක නැට්ටුවන් විසිනි. උඩරට නැටුම් වර්ග ලෙස වෙස් , නෛඅඩි , උඩැක්කි, පන්තේරු, වන්නම් ව...

රන්ගිරි දඹුලු විහාරය

Image
දඹුල්ල රජ මහා විහාරය ශ්‍රී ලංකාව තම ජාතික උරුමයන් අතින් ගත්කල ඉතා ඈත අතීතයකට දිව යන්නාවූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූ රටකි. ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව, සීගිරි බිතු සිතුවම් , අළු විහාරය, ගඩලාදෙණිය , ආදී බොදු උරුමයන් එකී ප්‍රෞඩත්වය විදහාපාන්නා වූ කදිම උදාහරණ වේ. මේ අතරින් දඹුල්ල රජමහා විහාරය සුවිශේෂී වූ උරුමයකි. දඹුලු ලෙන් විහාරය නැතහොත් දඹුල්ල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් විහාර සංකීර්ණයකි. කොළඹ දෙසින් 140 km ඊසාන දෙසින් හා මහනුවරට 72 km උතුරු දෙසින් මෙම විහාර සංකීර්ණය දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ඇති විශාලතම හා හොඳින් සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය මෙය වීමයි. මෙහි දක්නට ලැබෙන්නාවූ හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය 160 km අහස උසට පැනනගී. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් අසූවකට වැඩි ගණනක් ඇත. මේ අතුරින් පිළිම සහ සිතුවම් අඩංගු ලෙන් 5 ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුන ඒවා වෙති. බුදුපිළිම වහන්සේලා 153 කින්ද ශ්‍රී ලාංකීය රජවරුන් 3 දෙනෙකුගේ...

සිංහල අවුරුද්ද

Image
සිංහල අවුරුද්ද. මේ බක් මාසයයි. සිංහල හින්ඳු අලුත් අවුරුද්ද සමරන්නට සිංහල හින්ඳු සැවොම ලක ලෑස්ති වෙමින් සිටි. අලුත් අවුරුද්ද කියා සිංහල ජනතාව අවුරුදු සමරති. නැකත් ශාස්ත්‍රය අනුව වැඩකරති. එහෙත් බොහෝ පිරිස් අවුරුදු සමරන්නේ අවුරුද්ද යන්න කිමෙක් දැයි හරියාකාරව නොදැන බව වැටහේ. එබැවින් අවුරුද්ද යනු කිමෙක් දැයි නිසියාකාරව විමසා බලමු. ශ්‍රී ලංකාවාසී සියලු බෞද්ධ හා හින්ඳු ජනතාවගේ මහා මංගල්‍යය වන අලුත් අවුරුද්ද විවිධ චාරිත්‍ර- වාරිත්‍ර, ආගමික විශ්වාස හා කෘෂිකාර්මික කටයුතු සමඟ බැඳුණු විශේෂ මංගල්‍යයකි. ශ්‍රී ලාංකීය බහුතරයක් බෞද්ධාගමිකයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය ලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කිරීමට හුරු පුරුදුව ඇත. සිංහල බෞද්ධයන් අතර බුදුදහම ප්‍රමුඛ ලා මෙම වත් පිළිවෙත් සිදු කරන අතර හින්ඳු ජනතාව හින්ඳු ආගමට අනුකූලව වත්පිළිවෙත් සිදු කරති. නමුත් බෞද්ධ හා හින්ඳු යන ආගම් දෙක එකිනෙකට බැඳී පවතින අතර විශාල පරස්පරතාවයක් නොමැති හෙයින් අවුරුදු වත් පිළිවෙත්ද බොහෝ දුරට සමාන වේ. ග්‍රෙගරි දින දර්ශනයට අනුව, අප්‍රේල් මාසයේ එනම් බෞද්ධ දින දර්ශනයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ ර...

ඇම්බැක්කෙ

Image
ඇම්බැක්කේ දේවාලය ➖➖➖➖➖➖➖➖➖ විශේස ස්තූතිය කාංචනා දිසානායක roar සිංහල. ගෘහනිර්මාණ ශිල්පයත්, කැටයම් කලාවත් යනු ශ්‍රී ලාංකිකයින්ට අතීතයේ සිටම උරුමව පැවති කුසලතාවයකි. මහින්දාගමනයෙන් පසු බුදු දහමේ අභාෂය නිසා එය තව තවත් ඔපමට්ටම් වූ නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට ජනතාව, තමන්ටම ආවේනික වූ ශිල්පීය ක්‍රමවේදයන් අනුගමනය කළ බව, දැනට ඉතිරිවී ඇති පුරා විද්‍යාත්මක නටඹුන් සාක්ෂි දරයි. මෙලෙස ඈත අතීතයේ පටන් ඉදිවූ පන්සල්, වෙහෙර විහාර, මාළිගා, ආදී ගොඩනැගිලි අතර ඇම්බැක්කේ දේවාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඇම්බැක්කේ දේවාලය මෙතරම් සුවිශේෂී වන්නේ, ආගමික සිද්ධස්ථානයක් වශයෙන් පමණක් නෙව, කලාත්මක දැවමය නිර්මාණයක් වශයෙන්ද ජනතා බහුමානයට පාත්‍රව ඇති නිසාය. ඇම්බැක්කේ දේවාලයේ ඉතිහාසය ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුනුවර ඇම්බැක්ක ග්‍රාමයේ ඇම්බැක්ක දේවාලය පිහිටා තිබේ. ක්‍රි.ව. 1357 – 1374 කාලයේ ගම්පල රාජධානියේ රජ කල 3 වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලය ඉඳිකල බවට ඉතිහාසයේ සඳහන්. දැවමය ගෘහනිර්මාණ ශිල්පයක් පදනම් කර ගත ඇම්බැක්කේ දේවාලය ඉඳි කිරීම පිළිබඳව පිළිබද ජනශ්‍රැතියෙහි වි...

ඉතිහාසෙන්.

Image
පොත්ගුල් ලෙනේ අලවල මානවයා බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගිනිකොන සීමාවේ පිහිටි මෙම අලවල ලෙන, සියනෑ කෝරළේ උඩගහපත්තුවට අයත් වෙයි. පරිපාලනමය වශයෙන් ගත් කල ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ අලවල උතුර ග්‍රාමසේවා වසමේ මෙම අලවල පොත්ගුල් ලෙන පිහිටා ඇත. වඩාත් නිශ්චිතව හඳුන්වන්නේ නම් බස්‌නාහිර පළාතේ නිට්‌ටඹුවට නුදුරු අත්තනගලු ඔය ඉහළ නිම්නයේ අතු ගංගාවලින් පෝෂණය ලබන ප්‍රදේශයක මේ අලවල ලෙන පිsහිටා ඇත. ද්විතීයික ඝර්ම කලාපීය වනාන්තරයකින් වට වූ කඳුකර භූමියක එක්‌ බෑවුමක්‌ මැද අලවල පොත්ගුල් ලෙන පිහිටා ඇත. මෙහි පිහිටීම භූ විද්‍යාත්මක සාධක අනුව විමසා බලන විට ප්‍රාග්කේම්බී්‍රය යුගයට අයත් විජයානු ශේ්‍රණියේ පාෂාණවලින් නිර්මාණය වී ඇත. අලවල පොත්ගුල් ලෙන අවට පිහිටි ප්‍රදේශය අඩි 800ත් 1300ත් අතර උන්නතාංශයකින් යුක්‌ත වෙයි. මේ උන්නතාංශ සීමාව තුළ අඩි 1286ක උසකින් ඇතාබැඳි ලෙනත්, අඩි 984ක්‌ උස අලවල මහ කන්දත්, අඩි 842ක්‌ උස කහගල කන්දත්, පිහිටා ඇති අතර පොත්ගුල් ලෙන අඩි 1029 ක්‌ උස්‌ වූ කඳු ගැටයක පිහිටා ඇත. කළ කැණීම්වලින් මේ මානවයා අස්‌ථිවලින් නිපදවන ලද ආයුධ සිය පරිහරණ...

සඳකඩපහණ

Image
සඳකඩපහණ සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි. එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ සොපාන හෙට්ටිචන්දපාෂාණ යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස කෙරිණ. සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක. සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය. අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි‍ දේ අගය නොකළ යුතු දේවල් ලෙස සැළකින. ඒ නිසා කැටයම් යොදන ලද්දේ පඩිපෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටය. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිමගෙවල්වලට ඇතුල්වන තැනැත්තාට සිහිපත් කරවයි. එතුමාගේ අදහස් වලට අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස නිරෑපණය කරන ලද ගිනි දැල්ලයි. එයින් අ...

ලංකාවේ විත්ති

Image
ලාංකික ජන සමාජය හා  එහි විකාශය, සොඳුරු හා වටිනා තැන් ගැන ලියවුන ලිපි ශ්‍රී ලාංකීය ඉතිහාසය