Posts

Showing posts with the label ඉතාලි අහස යට

පොම්පෙයි

Image
අළු දූලි මත වැසී ගිය පොම්පෙයි හා හර්කියුලේනියම් ඒ ක්‍රි. ව. 79 , අගෝස්තු 24 විය. අධික කාමාසාවට හා මත්පැනට ලොල්ව සිටි ධන කුවේරයන්ගේ පාරාදීසයක් වූ පොම්පෙයි හා හර්කියුලේනියම් හි වැසියන් සිටියේ තම තමන්ගේ ලෝක වලය. තම අසල්වැසි විසූවියස් ඇහැරී තමන් දෙස බලා සිටිනා වගක් මේ වැසියෝ නොදත් හ. වර්ථමාන නෙපල්ස් නගරයට ආසන්නව පිහිටි පොම්පෙයි හා හර්කියුලේනියම් යනු පුරාණ රෝමයෙහි ධනවතුන් ගේ නිවාඩු නිකේතනයක් ව පැවති මුහුදුබඩ සුන්දර නගර දෙකකි. මේ සුන්දරත්වයට තිත තබමින් විසූවියස් ඇහැරී තම බලපරාක්‍රමය පෙන්වන්නට පටන් ගත්තේය. බිළිඳුන් නිදි කරවමින් සිටි මවුවරුන්ද, තම සහකාරිය සිප වැළඳ සිටි පෙම්වතුන්ද, නිඳිගත්වනම සිටි අනෙක් වැසියෝද, ඇහැරී සිටියවුන්ද , සදාතනික සිහිවටන බවට පත් කරමින් , පැයට සැතපුම් 50- 60 අතර වේගයෙන් ලාවා ගඟ ගලා ගියේය. මේ මගින් නැගි විශ දුම ආග්‍රාණයෙන් බොහෝ වැසියෝ ජීවිතක්ෂයට පත් වූ අතර අලු නිසා දෑස් අඳව දුවා ගත නොහැකි වුනු වැසියෝද ලාවාහි කිඳී ගියේය. පැය 18 ක් තිස්සේ තම අණසක පැතිරවූ විසූවියස් යලිත් බොහෝ කලකට මම නොනැගිටිමිය යන තිර අධිටනින් යුතුව නිදාගන්නට ගියේය. එහෙත් විසූවි...

අරේනා දි වෙරෝනා

Image
Arena di Verona  වෙරෝනා හි අරේනා එලිමහන් රංග පීඨය. පළමු ශතවර්ෂයේ දී ඉදිකර ඇතත්, අදටත් පෙර ලෙසම භාවිතා වන එලිමහන් රඟහලකි. අතීතයේ එක්වර නරඹන්නන් 30,000 කට ඇතුල් විය හැකිව තිබූවද අද වන විට එය 15,000 දක්වා අඩු කොට ඇත. අදටද මේ රඟහලේ ලෝකප්‍රකට ඔපෙරාවන් රඟදක්වනු ලැබේ.

රෝමියෝ ජුලියට්

Image
රෝමියෝ ජුලියට් රොමේයෝ හා ජුලියෙත්තා කියන ඉතාලි ප්‍රේමවන්තයින් දෙන්නා රෝමියෝ හා ජුලියට් වෙන්නෙ ශේක්ස්පියර් බ්‍රිතාන්‍ය ජාතික වීම හා ඉතාලි නම් ඉංග්‍රීසියෙන් ශබ්ද වීමත් නිසා. ඒක එහෙම් නොවෙන්න මේ දෙන්න රොමේයෝ හා ජුලියෙත්තා ම තමයි තවමත්. රොමේයෝ හා ජුලියෙත්තා කියන්නෙ එකිනෙකා හා ජම්ම වෛරයෙන් ජීවත් වුනු එක ලඟ ගෙවල් දෙකක සිටු පවුල් දෙකකට අයත් පිරිමි ළමයෙක් හා ගැහැණු ළමයෙක්. මේ දෙන්නගෙ පරම්පරා දෙක තමයි "Capulets" සහ "Montagus" . මේ වෛරය නිසාම මේ දෙන්නා කතෝලික පූජකයෙකු ඉදිරියේ රහසින් විවාහ වෙනවා. ඒත් මේ විවාහය දන්නෙ ඔවුන් තුන්දෙනාම විතරයි. මේ අතරවාරයේ රොමේයෝ මිණීමැරුම් ඡෝදනාවකට ලක් වෙනවා. ඒ ජුලියෙත්තා ගේ ඥාතියකු වන ටැයිබැල්ට් ගේ මරණයට. මේ ඡෝදනාවට වරදකරු කරන ඔහුව වෙරෝනා නගරයෙන් පිටුවහල් කරන්නට කරන සැලසුමක් කනවැකෙන ඔහු පිටුවහල් කිරීමට පෙර මන්තුවා නගරයට පලා යනවා. ඔහුගේ පලායාමෙන් අනතුරුව ජුලියෙත්තා ව විවාහ කර දෙන්න ඇගේ දෙමාපියන් කටයුතු කරනවා. මේ වෙලාවෙදි ඇය අර කතෝලික පූජකතුමාගෙන් උදවු ඉල්ලනවා. එතුමා සැලස්මක් හදනවා. බෙහෙතක් මගින් ඇයව දින කීපයක තද නිද්‍රාවක...

ඉතාලි අහස යට

Image
ඉතාලි අහස යට ඇස ගැටුන සොඳුරු තැන් හා මුණ ගැසුන බොහෝ දේ