Posts

Showing posts with the label රැකගනිමු මල් කැකුළු

එන්නත්

Image
💉 12 Vaccinations ( ප්‍රතිජීවක එන්නත්) 💉 🔹Polio පෝලියෝ 🔹Diphtheria ගලපටලය 🔹Tetanus පිටගැස්ම 🔹Hepatitis B. සෙංගමාලය 🔹Heamophilus Influenzae B. ඉන්ෆ්ලුවෙන්සා 🔹Meningitis B. මොලේ උණ 🔹Meningitis C. මොලේ උණ 🔹Measles සරම්ප 🔹Mumps කම්මුල්ගාය 🔹Rubella. රුබෙල්ලා 🔹Whooping chough කක්කල් කැස්ස 🔹Chickenpox පැපොළ 🔸 යුරෝපය තුල පවත්නා සෞඛ්‍ය නීතීන් අනුව, ඉතාලිය තුල දරුවෙකු පාසැලට ඇතුලත් කිරීමට පෙර , එනම් දරුවාට වයස අවු. 6 සම්පූර්ණ වීමට පෙර ඉහත නම් සඳහන් ප්‍රතිජීවක එන්නත් දී දරුවාට ලබා දී තිබීම අනිවාර්‍ය වේ. ▪️ප්‍රතිජීවක එන්නතක් යනු ළදරු ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර වෛරය මගින් බෝ වන්නාවූ රෝගී තත්වයන් මර්දනය කිරීමට දෙනු ලබන්නකි. මෙය ළදරු අවධියේදීම දරුවන් වෙත ලබාදීම මගින් නීරෝගී දරු පරපුරක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙම ප්‍රතිජීවක එන්නත් ප්‍රමාණය හා එහි එන්නත් වර්ගයන් රට අනුව වෙනස් වන අතර කුමන රටක වුවද වර්ශයක් පාසා මෙම එන්නත් ලැයිස්තුව යාවත්කාලීන වේ. එන්නත් මගින් කෙරෙන්නේ සමහරක් වෛරස් රෝග මැඩලී...

මල් කැකුළු.

Image
දරුවෙක්ට දරුවෙක් වෙන්න ඉඩ දෙන්න මවු කුසකින් මේ ලෝකෙ එළිය දකින දරුවෙක්ගේ මනස අවර්ණ වතුර වීදුරුවක් වගේ. මේ අවර්ණ වතුර වීදුරුවට එක එක පාට , එක එක රස එක් කරන්නෙ වැඩිහිටි අපි විසින්මයි. දරුවෙක්ගෙ මනසට වෛරය එක් කරන්න පළවෙනි වෙඩිල්ල තියන්නෙ බොහෝ විට ඒ දරුවගෙ අම්ම , තාත්තා හෝ ලඟම ඥාතින් විසින්, ඒ එක්කම අපි දරුවාගෙ මනසට තරඟකාරීත්වය කියන දේත් එක්කරනවා යහමින්. මේ හැමදේම කරන්නෙ බොහෝම ආදරණීය විදියට හිතේ කිසිම කිළුටක් නොතියාගෙන වීම තමයි ඉතාමත්ම සිත්ගන්නාසුළු කරුණ වෙන්නෙ. අපි බලමු කොහොමද මෙහෙම වෙන්නෙ කියලා. දරුවෙක් යාන්තමට බහ තෝරන්න පටන් ගනිද්දි, අපි හරිම ලස්සනට දරුවගෙ ඔලුවට විස පුරවන්න පටන් ගන්නව. කෑම කවන්න ගන්නකොට , පුංචි පුංචි වැඩ කරන්න ගන්නකොට , අපි දරුවට තරඟකාරීත්වය කියන දේ ඔලුවට දානවා. ඒකට කොහේහරි ඉන්න තව අහින්සක දරුවෙකුත් අල්ලගන්නව මේ කිසිම දෙයක් ගැන හාංකවිසියක් වත් නොදන්න. අපි නොහිතා කරන පුංචි දේවල් වලින් වන හානිය තමා අවසානයේ මහා ව්‍යසනයක් බවට පත් වෙන්නේ. බලමුකො ඔයාට පුලුවන් ද කියල කන්න , අහවලාට නම් පුලුවන්. ඔයාට වඩා ලස්සනට අරයා ලියනව , කෝ බලමු ඔයාටත් පුලුවන්ද කියල අපෝ ඔයාට බෑනෙ අරයට නම්...

දරුවා හා රැකවරණය

Image
අපේම දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අකුරු වෙන ලිපි