Posts

Showing posts from May, 2018

උඩරට නැටුම්

Image
උඩරට නැටුම් කලාව උඩරට නැටුම් යනු ලක්දිව මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්‍රධායකි. මේ වනවිට මෙය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිංහල ජනතාව අතර පුළුල්ව පැතිර ඇත. පුරාවෘතයන්ට අනුව උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූයේ මෙරටට පැමිණි ඉංදියානු යකැදුරන් පිරිසක් පවත්වන ලද කොහොඹා කංකාරිය නම්වූ ශාන්ති කර්මය මගින් යැයි විස්වාස කෙරේ. ඔවුන් මෙරටට පැමිණීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කුවේණිය විසින් විජය රජුට සිදුකල දිවි දෝශය සුව කිරීම සඳහා බවයි. රජු සිහිනයකදී දිවියෙක් තමන්ගේ ඇඟට පනිනු දැක ඇත. එවකට පැවති විශ්වාසයන්ට අනුව එම සිහිනය කුවේණිය ගේ ශාපය තමා මත පතිත වීමක් යැයි සැළකූ රජු දරුණු ලෙස රෝගාතුර විය. කෙසේ නමුත් විජය රජුගෙන් පසු මෙම දිවි දෝශය පඬුවස්දෙවු රජුට වැළඳී ඔහු අසාධ්‍ය වූ හෙයින් යකැදුරන් ගෙන්වා කොහොඹාකංකාරිය ශාන්ති කර්මය පවත්වා ඇත. මින් රජුගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ අතර බොහෝ ස්වදේශිකයන් ගේ අවධානයටද පත්විය. මෙය මූලිකව ඉදිරිපත් කරන ලද්දේ උඩරට රාජ්‍ය ක්‍රමය විසින් නම් කරන ලද විරල කුලයක නැට්ටුවන් විසිනි. උඩරට නැටුම් වර්ග ලෙස වෙස් , නෛඅඩි , උඩැක්කි, පන්තේරු, වන්නම් ව