Posts

අත් අකුරු,

Image
අත් අකුරු ලොව කොතැන උපන්නත් , ජීවත් වුනත් , ඔවුන් හදවතින් ලාංකිකය. මේ පෙනෙන්නේ ඉතාලියේ ඉපිද එහි ජීවත් වන , ෆ්ලොරන්ස් හි නැණපහන ආයතනයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දස්කම් ය. 2017 ලෝක ළමා දිනය වෙනුවෙන් නැණපහන අධ්‍යාපන ආයතනය මගින් පවත්වන්නට යෙදුන නානාවිද තරඟ අතරින් බලා ලිවීම තරඟයෙන් ප්‍රථම දෙවන හා තුන්වන ස්ථාන ගත් දරුවන්ගේ දස්කම් ය. මෙහි විශේෂය වන්නේ මොවුන්ගේ ප්‍රධාන භාශාව ඉතාලි වී, දෙවැන්න ඉංග්‍රීසි වීමත් වන අතර එවන් පරිසරයක හැදෙන දරුවන් සිංහල මාධ්‍යයෙන් මෙවන් දස්කම් දැක්වීමය. වයස අවු. 8-11 කාණ්ඩය වයස අවු. 5-7 කාණ්ඩය ©️නැණස

සිත්තම්

Image
ෆ්ලොරන්ස් හි, නැණැ පහන අධ්‍යාපන ආයතනයේ දරු දැරියන්ගේ  2016 , හා 2017 වසර වල ලෝක ළමා දිනයන් වෙනුවෙන් කරන ලද නිර්මාණ වලින් කිහිපයකි. එම අධ්‍යාපන ආයතනයේම ඉගෙනුම ලබන නිකේශි දියණිය විසින් අදින ලද සිතුවමක්  නැණපහන දරුවන් විසින් විවිධ අවස්ථාවලදී කරන ලද නිර්මාණ කිහිපයක්. 

උඩරට නැටුම්

Image
උඩරට නැටුම් කලාව උඩරට නැටුම් යනු ලක්දිව මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ආරම්භ වූ නැටුම් සම්ප්‍රධායකි. මේ වනවිට මෙය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිංහල ජනතාව අතර පුළුල්ව පැතිර ඇත. පුරාවෘතයන්ට අනුව උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූයේ මෙරටට පැමිණි ඉංදියානු යකැදුරන් පිරිසක් පවත්වන ලද කොහොඹා කංකාරිය නම්වූ ශාන්ති කර්මය මගින් යැයි විස්වාස කෙරේ. ඔවුන් මෙරටට පැමිණීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කුවේණිය විසින් විජය රජුට සිදුකල දිවි දෝශය සුව කිරීම සඳහා බවයි. රජු සිහිනයකදී දිවියෙක් තමන්ගේ ඇඟට පනිනු දැක ඇත. එවකට පැවති විශ්වාසයන්ට අනුව එම සිහිනය කුවේණිය ගේ ශාපය තමා මත පතිත වීමක් යැයි සැළකූ රජු දරුණු ලෙස රෝගාතුර විය. කෙසේ නමුත් විජය රජුගෙන් පසු මෙම දිවි දෝශය පඬුවස්දෙවු රජුට වැළඳී ඔහු අසාධ්‍ය වූ හෙයින් යකැදුරන් ගෙන්වා කොහොඹාකංකාරිය ශාන්ති කර්මය පවත්වා ඇත. මින් රජුගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ අතර බොහෝ ස්වදේශිකයන් ගේ අවධානයටද පත්විය. මෙය මූලිකව ඉදිරිපත් කරන ලද්දේ උඩරට රාජ්‍ය ක්‍රමය විසින් නම් කරන ලද විරල කුලයක නැට්ටුවන් විසිනි. උඩරට නැටුම් වර්ග ලෙස වෙස් , නෛඅඩි , උඩැක්කි, පන්තේරු, වන්නම් ව

රන්ගිරි දඹුලු විහාරය

Image
දඹුල්ල රජ මහා විහාරය ශ්‍රී ලංකාව තම ජාතික උරුමයන් අතින් ගත්කල ඉතා ඈත අතීතයකට දිව යන්නාවූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූ රටකි. ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව, සීගිරි බිතු සිතුවම් , අළු විහාරය, ගඩලාදෙණිය , ආදී බොදු උරුමයන් එකී ප්‍රෞඩත්වය විදහාපාන්නා වූ කදිම උදාහරණ වේ. මේ අතරින් දඹුල්ල රජමහා විහාරය සුවිශේෂී වූ උරුමයකි. දඹුලු ලෙන් විහාරය නැතහොත් දඹුල්ල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් විහාර සංකීර්ණයකි. කොළඹ දෙසින් 140 km ඊසාන දෙසින් හා මහනුවරට 72 km උතුරු දෙසින් මෙම විහාර සංකීර්ණය දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ඇති විශාලතම හා හොඳින් සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය මෙය වීමයි. මෙහි දක්නට ලැබෙන්නාවූ හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය 160 km අහස උසට පැනනගී. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් අසූවකට වැඩි ගණනක් ඇත. මේ අතුරින් පිළිම සහ සිතුවම් අඩංගු ලෙන් 5 ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුන ඒවා වෙති. බුදුපිළිම වහන්සේලා 153 කින්ද ශ්‍රී ලාංකීය රජවරුන් 3 දෙනෙකුගේ

සිංහල අවුරුද්ද

Image
සිංහල අවුරුද්ද. මේ බක් මාසයයි. සිංහල හින්ඳු අලුත් අවුරුද්ද සමරන්නට සිංහල හින්ඳු සැවොම ලක ලෑස්ති වෙමින් සිටි. අලුත් අවුරුද්ද කියා සිංහල ජනතාව අවුරුදු සමරති. නැකත් ශාස්ත්‍රය අනුව වැඩකරති. එහෙත් බොහෝ පිරිස් අවුරුදු සමරන්නේ අවුරුද්ද යන්න කිමෙක් දැයි හරියාකාරව නොදැන බව වැටහේ. එබැවින් අවුරුද්ද යනු කිමෙක් දැයි නිසියාකාරව විමසා බලමු. ශ්‍රී ලංකාවාසී සියලු බෞද්ධ හා හින්ඳු ජනතාවගේ මහා මංගල්‍යය වන අලුත් අවුරුද්ද විවිධ චාරිත්‍ර- වාරිත්‍ර, ආගමික විශ්වාස හා කෘෂිකාර්මික කටයුතු සමඟ බැඳුණු විශේෂ මංගල්‍යයකි. ශ්‍රී ලාංකීය බහුතරයක් බෞද්ධාගමිකයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය ලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කිරීමට හුරු පුරුදුව ඇත. සිංහල බෞද්ධයන් අතර බුදුදහම ප්‍රමුඛ ලා මෙම වත් පිළිවෙත් සිදු කරන අතර හින්ඳු ජනතාව හින්ඳු ආගමට අනුකූලව වත්පිළිවෙත් සිදු කරති. නමුත් බෞද්ධ හා හින්ඳු යන ආගම් දෙක එකිනෙකට බැඳී පවතින අතර විශාල පරස්පරතාවයක් නොමැති හෙයින් අවුරුදු වත් පිළිවෙත්ද බොහෝ දුරට සමාන වේ. ග්‍රෙගරි දින දර්ශනයට අනුව, අප්‍රේල් මාසයේ එනම් බෞද්ධ දින දර්ශනයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ ර

එන්නත්

Image
💉 12 Vaccinations ( ප්‍රතිජීවක එන්නත්) 💉 🔹Polio පෝලියෝ 🔹Diphtheria ගලපටලය 🔹Tetanus පිටගැස්ම 🔹Hepatitis B. සෙංගමාලය 🔹Heamophilus Influenzae B. ඉන්ෆ්ලුවෙන්සා 🔹Meningitis B. මොලේ උණ 🔹Meningitis C. මොලේ උණ 🔹Measles සරම්ප 🔹Mumps කම්මුල්ගාය 🔹Rubella. රුබෙල්ලා 🔹Whooping chough කක්කල් කැස්ස 🔹Chickenpox පැපොළ 🔸 යුරෝපය තුල පවත්නා සෞඛ්‍ය නීතීන් අනුව, ඉතාලිය තුල දරුවෙකු පාසැලට ඇතුලත් කිරීමට පෙර , එනම් දරුවාට වයස අවු. 6 සම්පූර්ණ වීමට පෙර ඉහත නම් සඳහන් ප්‍රතිජීවක එන්නත් දී දරුවාට ලබා දී තිබීම අනිවාර්‍ය වේ. ▪️ප්‍රතිජීවක එන්නතක් යනු ළදරු ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර වෛරය මගින් බෝ වන්නාවූ රෝගී තත්වයන් මර්දනය කිරීමට දෙනු ලබන්නකි. මෙය ළදරු අවධියේදීම දරුවන් වෙත ලබාදීම මගින් නීරෝගී දරු පරපුරක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙම ප්‍රතිජීවක එන්නත් ප්‍රමාණය හා එහි එන්නත් වර්ගයන් රට අනුව වෙනස් වන අතර කුමන රටක වුවද වර්ශයක් පාසා මෙම එන්නත් ලැයිස්තුව යාවත්කාලීන වේ. එන්නත් මගින් කෙරෙන්නේ සමහරක් වෛරස් රෝග මැඩලී

මව හා දරුවා

Image
ජයග්‍රාහී අධ්‍යාපන ගමනක ආරම්භය ට මවකගේ දායකත්වය.. මවුකුසින් බිහිවත් ම මිනිස් ජීව්තයේ ප්‍රථම කම්පනය ලබන දරුවා ක්‍රමයෙන් මෙම නුහුරු වටපිටාව ග්‍රහණය කර ගනී. උරුමයෙන් ලත් පරිසරයෙන් අත්දැකීම් උකහාගනිමින් පවත්වාගෙන යන ජීවිතයට දැනුම විධිමත් හෝ අවිධිමත් ලෙස නිරන්තර⁣⁣යෙන් එකතු වේ. මෙහිදි දරුවා ළං කරගත් දැනුමද විධිමත් අධ්‍යාපන ක්‍රමයට යාවි ශක්තිමත් ඉගෙනුමක් ලැබීමට බොහෝ කරුණු ඉවහල් වේ. ඒ සඳහා බොහෝ කරැණු මූලික වුවද එ අතරින් වඩාත් කැපී පෙනෙනුයේ මවු කුස ට කළලය පිලිසිඳ ගත් දා සිට මවකගේ භූමිකාව කැපී පෙනෙ. අධ්‍යාපනය තුළින් උසස් දැනුමකින් පූර්ණ,මනා පෞරුෂයකින් හෙබි විශිෂ්ට විනයක් සහිත දරුවෙකු බවට තම දරුවා පත් කර ගැනීම සෑම මවකගේ ම අභිප්‍රායයි.,ඒ විශිෂ්ඨයා බිහි කර ගැනීම ට විශිෂ්ඨ කැප කිරීමක් ඔබ තුලින් ද ඉටුවිය යුතු බව ඔබ මොහොතකට සිතුවාද? දරුවකුගේ සීඝ්‍ර වර්ධනය කාලය අවු..3-5: අතර වේ...වයස අවුරුදු හතරක් පමණ වන විට වැඩිහිටි මෝළයෙන් 75%ක්ද අවුරුදු 6 දී 90% ක්ද වර්ධනය වී අවසන්ය. මේ අවධියේදි බුද්ධි වර්ධනය, සාමාජික වර්ධනය ,චාලක වර්ධනය සිදුවේ. අතිශය තීරණාත්මක අවධියක් වන මෙම කාල