මව හා දරුවා











ජයග්‍රාහී අධ්‍යාපන ගමනක ආරම්භය ට මවකගේ දායකත්වය..




මවුකුසින් බිහිවත් ම මිනිස් ජීව්තයේ ප්‍රථම කම්පනය ලබන දරුවා ක්‍රමයෙන් මෙම නුහුරු වටපිටාව ග්‍රහණය කර ගනී. උරුමයෙන් ලත් පරිසරයෙන් අත්දැකීම් උකහාගනිමින් පවත්වාගෙන යන ජීවිතයට දැනුම විධිමත් හෝ අවිධිමත් ලෙස නිරන්තර⁣⁣යෙන් එකතු වේ.


මෙහිදි දරුවා ළං කරගත් දැනුමද විධිමත් අධ්‍යාපන ක්‍රමයට යාවි ශක්තිමත් ඉගෙනුමක් ලැබීමට බොහෝ කරුණු ඉවහල් වේ. ඒ සඳහා බොහෝ කරැණු මූලික වුවද එ අතරින් වඩාත් කැපී පෙනෙනුයේ මවු කුස ට කළලය පිලිසිඳ ගත් දා සිට මවකගේ භූමිකාව කැපී පෙනෙ.


අධ්‍යාපනය තුළින් උසස් දැනුමකින් පූර්ණ,මනා පෞරුෂයකින් හෙබි විශිෂ්ට විනයක් සහිත දරුවෙකු බවට තම දරුවා පත් කර ගැනීම සෑම මවකගේ ම අභිප්‍රායයි.,ඒ විශිෂ්ඨයා බිහි කර ගැනීම ට විශිෂ්ඨ කැප කිරීමක් ඔබ තුලින් ද ඉටුවිය යුතු බව ඔබ මොහොතකට සිතුවාද?


දරුවකුගේ සීඝ්‍ර වර්ධනය කාලය අවු..3-5: අතර වේ...වයස අවුරුදු හතරක් පමණ වන විට වැඩිහිටි මෝළයෙන් 75%ක්ද අවුරුදු 6 දී 90% ක්ද වර්ධනය වී අවසන්ය. මේ අවධියේදි බුද්ධි වර්ධනය, සාමාජික වර්ධනය ,චාලක වර්ධනය සිදුවේ.


අතිශය තීරණාත්මක අවධියක් වන මෙම කාලපරිච්ඡේදය තුල ලබන අත්දැකීම් සහ අනුකරණය තුලින් ලබන අධ්‍යාපනය මඟින් දරුවා තම හැකියාවන් වර්ධනය කර ගනී.


අධ්‍යාපනය නමැති විජයග්‍රාහී අරමුණට අඩිතාලම වැ⁣ටෙන වයස අවු:3-6 අතර කාලය මවගේ පාද අසල පාසල විය යුතු බව අධ්‍යාපන දාර්ශනික ආමෝස් කොමිනියස් පෙන්වා දෙයි. එහිදී යහපත් දේ පුරුදු පුහුණු විය යුතු බවත් මේ කාලය ඉතා සුනම්‍ය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


ඉහත කාලසීමාව තුල දරුවා ඔබෙන් මඟ හැරී ගියාහොත් අතරමඟදි ඔහු ඔසවා තැබීම සරල ක්‍රියාවක් නොවනුයේ දරුවකුගේ අනාගත්යේ තීරණාත්මක අවධිය මෙය වන බැවිනි අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් පවසන ආකාරයට අත්දැකීම් හා අනුකරණය මගින් ලබන ළමා සංවේදි කිරීම අධ්‍යාපන ක්‍රමය ඉතා සාර්ථක ය. ඒසේ නම් දරුවාට අවශ්‍ය වන යහපත් අත්දැකීම් හා ක්‍රියාකාරකම් සහිත සංවේදි වටපිටාවක් නිර්මාණය කිරිම හා පවත්වාගෙන යාම මවක වශයෙන් ඔබ සතුව පවතී.


යන්තම් දෙයක් අල්ලන්නට පුරුදු වුණ ඇගිලි තුඩු අතර පැන්සල හිරකොට අ යනු ආ යනු ගලපන්න ට දීමට පෙර සිතිය යුතු බොහොමයකි.

නිසි කල එළබෙන්නට පෙර ඇවිද්දවන්නට උත්සහ කරන දරුවකුගේ පාදමය ස්වාභාවය පිටතට හොදින් පෙනෙනු ඇත. එහෙත් මනස සකස් කිරීමට සංකීර්ණ දෑ ඊට ඔබ්බවන්නට යාමෙන් සිදුවන මානසික විකල බව හා ඉන් සිදුවන හානිය අපට පිටතින් හඳුනා ගත නොහැකිය. ළමයාගෙ කුසලතා , සංකල්ප, ආකල්ප සාධනීය වන අයුරින් ළමයා වටා ළමයා කේන්ද්‍ර කරගෙන දරුවා ට ආදරයෙන් දැනුම ලබා දිය හැක්කේ ආදරණිය අම්මාට පමණි..


කතන්දරයක් ගීතයක් මඟින් දරුවෙකුගේ මනසට ලබා දිය හැකි පරිණත බව මෙතෙකැයි කිව නොහැක.එය අනාගත ආයෝජනයකි. ලෝකයේ ශෙු්ෂ්ඨ වියතුන් ,දාර්ශනිකයන් සහ නිර්මාණවේදීන් පවසා ඇත්තේ මවගේ තුරුලේ සිට ලද එවන් අත්දැකීම් තුලින් ඔවුන්ගෙ සිතුවිලි මහත් ලෙස වැඩුණු බවය.


තොර තෝංචියක් නැතිව කියවන දරුවා ඇතැම් මවුවරුන් හිසරදයක් ලෙස සැලකුවද ඔහු අනාගතයට වටින මහා සම්පතකි.සාමාන්‍ය අනෙක් දරුවන්ට වඩා ඔහුගේ වාග්මාලාව චින්තන ශක්තිය දියුණුය.."කට වහගෙන ඉන්න බැරිද ටිකක්" යන ඔබගේ සුලු විධානයකින් එකී දක්ෂයා තිඹිරි ගෙයිම මිය යනු ඇත.

ළමයා ළමයෙකි. ඔහු කුඩා වැඩිහිටියෙකු නොවේ. ඔහුට ප්‍රීතියෙන් කාලය ගත කිරීමට ඉඩ හරින්න . ක්‍රීඩාව අනුකරණය මගින් ඔහු අධ්‍යාපනය ලබනු ඇත.


මුල් වසර තුළ ළමයාට ලබා දෙන සුරක්ෂිතතාවය හා සතුට අධ්‍යාපනය ට බලපානු ඇති බව අධ්‍යාපනිය පිළිබඳ දාර්ශනිකයෙකු ජින් ජැක් රූසෝ විසින් පවසා ඇත.


දරුවන් සමඟ කරන ක්‍රිඩා තුළින් ඔහු ලබන ඉගෙනුම සුලු පටු නොවේ. භාෂාමය අත්දැකීම් , ගණිතමය, සාමාජීය කුසලතා, ජය පරාජය ඉවසීම,නායකත්වය මේ තුළින් ළමයා වෙතට ලැබේ.

අතුරු මිතුරු දඹදිවතුරු...
ඉහළ ගෙටත් බෙදාලා
පහළ ගෙටත් බෙදාලා.

යන සරල ක්‍රීඩාව උදාහරණ ලෙස ගත් විට දරුවා මේ තුලින් ඉගෙන ගන්නේ පෙර පාසලේදි උගන්වන ගණිත සංකල්පයක් බව ඔබ දැනගෙන සිටියාද?ඒ සමඟම භාෂාමය කුසලතා විධානවලට සවන් දී කුියාත්මක වීමේ හැකියාව අධ්‍යාපනයේදී අත්‍යවශ්‍ය වන සවන් දීමේ ගුණය ද මේ තුලින් පෝෂණය වේ. හොඳ ඉගෙනුමක් ඇති දරුවා හොඳ සවන් දෙන්නෙකි. එය කුඩා කල සිට කවි ,කතන්දර , ගීත වැනි දෑ මගින් ලබාදිය යුතු උත්තෙජනයකි.


නිවැරදි කායික පෝෂණය මානසික පෝෂණයට සෘජුව ම බලපාන්නකි . උදෑසන තේ එකින් කඩෙන් ගත් බනිස් ගෙඩියකින් යැපෙන දරුවකුගේ සෞඛ්‍ය ය මට්ටම කෙතරම් අනාරක්ෂිත ද ? ශක්තිමත් නිරෝගී කයක් තුල උදෞා්ගිමත් මතක රඳවන්නට නම් මවක් ලෙස දරුවාගෙ පෝෂණ තත්වය පිළිබදව අවධානය යොමුකළ යුතුමය. දරුවෙකුගේ මනස ශක්තිමත් කිරීම මවක සතු ඉතා වැදගත් කාර්යයකි.


ළදරුවා සෑම මොහොතකම අගය කිරීමද ඔහුව පියවර කීප ගුණයකින් ම ඉදිරියට ඔසවා තැබීමකි."තාත්තා ට මං ඔයා ගෙ චිත්‍රය පෙන්නුවා..එයා පුදුම වුණා.ලස්සන ආ..මගේ පුතාගෙ අත් අකුරු .."වැනි ධනාත්මක වදන් දක්ෂයෙක් කරන්නේ ඔබේ දරුවාවය.


මවකගේ උණුසුම දයාබර වදන් ලබන දරැවකුගේ බුද්ධි වර්ධනය ඉතාම වේගවත් බව ඔබ දන්නවාද?


වර්තමානයේ විවිධ කරුණු මත දරුවන් ට ලැබිය යුතු අවධානය මවුවරුන් කෙ⁣රෙන් ඈත්ව යමින් පවතී. එය අඩු අවබෝධය, දුප්පත්කම, අවිවේකය, රැකියාව, දෙමවුපිය ආරවුල්, වෙන්වීම්, අසනීප අාදි කරැණු නිසා සිදු වුවත් වඩා යහපත් වන්නේ මේ කරුණු අවබෝධ කොට ගෙන හැකි නිරන්තරයෙන් දරුවා වෙනුවෙන් කැපවීමයි.


මනා කුසලතා පූර්ණ දරුවන් නිසි මඟ පෙන්වීමක් නොමැති වු බැවින් විනාශ වී ගිය ආකාරයට නිදසුන් සමාජය තුළ විරල නොවේ.



මෙම වයස තුල ලැබිය යුතු ආදරය, සෙනෙහස, අවධානය, නොලැබුන විට පිබිදෙන මනස සාංකාව, උදාසීනත්වය ,පරාජය, ⁣වේ‍දනාව වැනි ආකල්ප මතින් බිඳ වැටීමට ලක්වේ. උ⁣⁣දෞා්ගයෙන් ලොව දෙස බැලීම හීන වේ. දකින දෙයට ආසාවක් ඇති නොවන උත්තේජනයකින් තොර දරුවෙකු බිහිවීමේ මූලාරම්භය එතැනයි.



අම්මා යනු ⁣ සෙනහසට තවත් අරුතක් පමණක් නොව මානව සංහතියේම නිර්මාණශීලිත්වයේ උල්පතයි. මවක් ලෙස නිසියාකරව තම වගකීම, යුතුකම, හඳුනාගෙන කුියා කරන්නේ නම් ඇයට ද ලොවට ද සැනසිය හැකි දරු සම්පතක් නිර්මාණය වනු ඇත.


"ළදරු වියේදි ඉබා ගාතේ හැර සිට පසුව උගැන්වීමට යාම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම වැනි දෙයකි"

ජින් පියාරේ -බෙන්ජමින් එස් බ්ලුම්


සැකසුම :- ඔලී ගුණරත්න.

Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

ඇම්බැක්කෙ