රෝමියෝ ජුලියට්








රෝමියෝ ජුලියට්






රොමේයෝ හා ජුලියෙත්තා කියන ඉතාලි ප්‍රේමවන්තයින් දෙන්නා රෝමියෝ හා ජුලියට් වෙන්නෙ ශේක්ස්පියර් බ්‍රිතාන්‍ය ජාතික වීම හා ඉතාලි නම් ඉංග්‍රීසියෙන් ශබ්ද වීමත් නිසා. ඒක එහෙම් නොවෙන්න මේ දෙන්න රොමේයෝ හා ජුලියෙත්තා ම තමයි තවමත්.


රොමේයෝ හා ජුලියෙත්තා කියන්නෙ එකිනෙකා හා ජම්ම වෛරයෙන් ජීවත් වුනු එක ලඟ ගෙවල් දෙකක සිටු පවුල් දෙකකට අයත් පිරිමි ළමයෙක් හා ගැහැණු ළමයෙක්. මේ දෙන්නගෙ පරම්පරා දෙක තමයි "Capulets" සහ "Montagus" . මේ වෛරය නිසාම මේ දෙන්නා කතෝලික පූජකයෙකු ඉදිරියේ රහසින් විවාහ වෙනවා. ඒත් මේ විවාහය දන්නෙ ඔවුන් තුන්දෙනාම විතරයි. මේ අතරවාරයේ රොමේයෝ මිණීමැරුම් ඡෝදනාවකට ලක් වෙනවා. ඒ ජුලියෙත්තා ගේ ඥාතියකු වන ටැයිබැල්ට් ගේ මරණයට. මේ ඡෝදනාවට වරදකරු කරන ඔහුව වෙරෝනා නගරයෙන් පිටුවහල් කරන්නට කරන සැලසුමක් කනවැකෙන ඔහු පිටුවහල් කිරීමට පෙර මන්තුවා නගරයට පලා යනවා.


ඔහුගේ පලායාමෙන් අනතුරුව ජුලියෙත්තා ව විවාහ කර දෙන්න ඇගේ දෙමාපියන් කටයුතු කරනවා. මේ වෙලාවෙදි ඇය අර කතෝලික පූජකතුමාගෙන් උදවු ඉල්ලනවා. එතුමා සැලස්මක් හදනවා.


බෙහෙතක් මගින් ඇයව දින කීපයක තද නිද්‍රාවකට පත් කරවන ඇය මියගියා සේ සලකා සොහොන් ගැබෙහි තබා රොමේයෝ පැමිණි පසුව ඔවුන් දෙදෙනාවම නගරයෙන් හොර රහසේ පිටමං කිරීමයි ඒ සැලැස්ම. මේ බව ලියා ලිපියක් රොමේයෝ වෙත පූජකතුමා යවන මුත් ඔහුට එය ලැබෙන්නේ නෑ. මෙකී සැලැස්ම ගැන කිසිවක් නොදන්නා රොමේයෝ වෙරෝනා වෙත පැමිණෙන්නේ ජුලියෙත්තා මිය ගොස් ඇතැයි ආරංචි වීමෙන්. නිදා සිටින ජුලියෙත්තා ව දකින රොමේයෝ ඇය සැබෑ ලෙසම මිය ගොස් ඇතැයි සිතා උමතුව, සියදිවි නසාගන්නවා. රොමේයෝ මියගොස් ස්වල්ප මොහොතකින් නැගීසිටින ජුලියෙත්තා සිදුව ඇති ව්‍යසනය දැක ඇයද උමතුව සියදිවි නසාගන්නවා.


ඔවුන් ගේ මරණයන්ගෙන් පසු වෛරයෙන් පසුවූ සිටු පවුල් දෙක සාමදාන වන අතර රොමේයෝ ජුලියෙත්තා ආදර අන්දරය වෙරෝනාහි ප්‍රචලිත වෙනවා. මේ සිද්ධියෙන් බොහෝ කාලයකට පසුව වෙරෝනා හි ඉතාමත් කෙටි කාලයක් ජීවත් වන ශේක්ස්පියර් ට මේ ආදර අන්දරය කන වැකෙනවා. ඔහු මේ පිළිබඳව සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙස , 1587 වර්ශයේදී රෝමියෝ ජුලියට් ආදර අන්දරය කළඑලි බහිනවා.


වෙරෝනා පොළොවෙහිම මියයාමට නියමිතව තිබූ රොමේයෝ ජුලියෙත්තා සත්‍ය ආදර කතාව ලෝකප්‍රකට ආදර අන්දරයක් බවට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ ශේක්ස්පියර් ටයි. එකී ගෞරවය වෙනුවෙන් ජුලියෙත්තා ගේ සොහොන් ගැබට යන මාර්ගය ශේක්ස්පියර් මාවත ලෙස නම් කිරීමට වෙරෝනා බලධාරීන් කරයුතු කර තිබෙනවා..


නොමද සංචාරක ආකර්ශනයක් දිනා සිටින වෙරෝනාව ට පැමිණෙන සංචාරකයන් ජුලියෙත්තා ගේ නිවස , ඇගේ සොහොන , හා තවත් බොහෝ දෑ නරඹන්නට යෙදෙනවා. එහිදී ජුලියෙත්තා ගේ නිවසට ඇතුල් වෙන මග දෙපස බිත්තිය මත පෙම්වතුන් ඔවුන්ගේ නම් ලියන්නට යෙදෙන අතර ඒ වුදෙසා වෙරෝනා බලධාරීන් බිත්තිය මත විශාල කඩදාසි රඳවනයක් තබා තිබෙනවා. ඒ වාගේම තවත් බිත්තියක් මත කොලකෑලි වල ලියූ පෙම්වතුන් ගේ නම් චුයින්ගම් මගින් බිත්තිය මත අලවා තිබෙනුද දකින්නට පුලුවන් තව දසුනක්.


මෙහි පැමිණෙන සියලු සංචාරකයන් ජුලියෙත්තා ගේ නිවසේ සඳලුතලයේ සිට ඡායාරූප ගැනීම හා ඇගේ නිවසේ මිදුලේ තිබෙන ඇගේ ප්‍රථිමාවේ පියයුරු අල්ලා ඡායාරූප ගැනීමද සිදුකරනු ලබනවා.


මේ නිවසෙහි ඇය පාවිච්චි කල බඩු මුට්ටු තවමත් සංරක්ෂණය කොට එලෙසම තබා තිබෙනුද දකින්නට පුලුවන් කාරණාවක්. ඔවුන් මේ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැයකරනු ලබනවා.







Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

උඩරට නැටුම්