එන්නත්



💉12 Vaccinations ( ප්‍රතිජීවක එන්නත්)💉

🔹Polio පෝලියෝ

🔹Diphtheria ගලපටලය

🔹Tetanus පිටගැස්ම

🔹Hepatitis B. සෙංගමාලය

🔹Heamophilus Influenzae B. ඉන්ෆ්ලුවෙන්සා

🔹Meningitis B. මොලේ උණ

🔹Meningitis C. මොලේ උණ

🔹Measles සරම්ප

🔹Mumps කම්මුල්ගාය

🔹Rubella. රුබෙල්ලා

🔹Whooping chough කක්කල් කැස්ස

🔹Chickenpox පැපොළ




🔸 යුරෝපය තුල පවත්නා සෞඛ්‍ය නීතීන් අනුව, ඉතාලිය තුල දරුවෙකු පාසැලට ඇතුලත් කිරීමට පෙර , එනම් දරුවාට වයස අවු. 6 සම්පූර්ණ වීමට පෙර ඉහත නම් සඳහන් ප්‍රතිජීවක එන්නත් දී දරුවාට ලබා දී තිබීම අනිවාර්‍ය වේ.


▪️ප්‍රතිජීවක එන්නතක් යනු ළදරු ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර වෛරය මගින් බෝ වන්නාවූ රෝගී තත්වයන් මර්දනය කිරීමට දෙනු ලබන්නකි. මෙය ළදරු අවධියේදීම දරුවන් වෙත ලබාදීම මගින් නීරෝගී දරු පරපුරක් ලබා ගැනීමට හැකියාව ලැබේ.


මෙම ප්‍රතිජීවක එන්නත් ප්‍රමාණය හා එහි එන්නත් වර්ගයන් රට අනුව වෙනස් වන අතර කුමන රටක වුවද වර්ශයක් පාසා මෙම එන්නත් ලැයිස්තුව යාවත්කාලීන වේ.


එන්නත් මගින් කෙරෙන්නේ සමහරක් වෛරස් රෝග මැඩලීම සඳහා නිෂ්ක්‍රිය කරන ලද සුළු වයිරස් ප්‍රමාණයක් සිරුරට ඇතුල් කිරීමයි. බොහෝවිට එනිසා දරුවාට උණ තත්වයක් ඇති විය හැකි අතර එය වලක්වාගැනීමට යම් ඖෂධයක් ගත යුතුය.


එන්නත් ලබාදුන් බවට සටහටන් කොට දෙමාපියන් වෙත ලබාදෙට සටහන් පොත දරුවෙකුගේ උප්පැන්න සහතිකය මෙන්ම වටිනා අතර එය නිරතුරු ලඟ තබා ගැනීම වටී.

©️නැණස




Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

ඇම්බැක්කෙ