ඉතිහාසෙන්.



පොත්ගුල් ලෙනේ අලවල මානවයා




බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගිනිකොන සීමාවේ පිහිටි මෙම අලවල ලෙන, සියනෑ කෝරළේ උඩගහපත්තුවට අයත් වෙයි. පරිපාලනමය වශයෙන් ගත් කල ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ අලවල උතුර ග්‍රාමසේවා වසමේ මෙම අලවල පොත්ගුල් ලෙන පිහිටා ඇත. වඩාත් නිශ්චිතව හඳුන්වන්නේ නම් බස්‌නාහිර පළාතේ නිට්‌ටඹුවට නුදුරු අත්තනගලු ඔය ඉහළ නිම්නයේ අතු ගංගාවලින් පෝෂණය ලබන ප්‍රදේශයක මේ අලවල ලෙන පිsහිටා ඇත. ද්විතීයික ඝර්ම කලාපීය වනාන්තරයකින් වට වූ කඳුකර භූමියක එක්‌ බෑවුමක්‌ මැද අලවල පොත්ගුල් ලෙන පිහිටා ඇත. මෙහි පිහිටීම භූ විද්‍යාත්මක සාධක අනුව විමසා බලන විට ප්‍රාග්කේම්බී්‍රය යුගයට අයත් විජයානු ශේ්‍රණියේ පාෂාණවලින් නිර්මාණය වී ඇත. අලවල පොත්ගුල් ලෙන අවට පිහිටි ප්‍රදේශය අඩි 800ත් 1300ත් අතර උන්නතාංශයකින් යුක්‌ත වෙයි. මේ උන්නතාංශ සීමාව තුළ අඩි 1286ක උසකින් ඇතාබැඳි ලෙනත්, අඩි 984ක්‌ උස අලවල මහ කන්දත්, අඩි 842ක්‌ උස කහගල කන්දත්, පිහිටා ඇති අතර පොත්ගුල් ලෙන අඩි 1029 ක්‌ උස්‌ වූ කඳු ගැටයක පිහිටා ඇත.






කළ කැණීම්වලින් මේ මානවයා අස්‌ථිවලින් නිපදවන ලද ආයුධ සිය පරිහරණය සඳහා යොදාගත් බවට සාක්‍ෂි හමු වෙයි. අස්‌ථිවලින් ආයුධ නිපදවීමේ දී මානවයා යොදාගත් අස්‌ථිය සීරිම, කැපීම හා යමක ඇතිල්ලීමක්‌ හෙවත් උලච්චි කිරීමක්‌ කර ඇති බැව් පෙනේ. මේවායේ හැඩතල අනුව ආයුධ මානවයා විසින් විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නා ලද බවට කරුණු හෙළි වෙයි. මෙහි දී මානවයාට අවශ්‍ය ඇඳුම් නිපදවා ගැනීම සඳහා සත්ත්ව සම් සිදුරු කිරීම, ඊතල හිස්‌ සෑදීම, බිලීකොකු සෑදීම, ගොළු බෙලි කටුවල මස්‌ ඉවත් කිරීම වැනි කාර්යයන් සඳහා මේ ආයුධ ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සිතිය හැකි ය. හමු වූ සත්ත්ව අස්‌ථි මෙවලම් බහුතරයක එක පැත්තක්‌ පමණක්‌ උල් කර තිබුණු අතර සුළු ප්‍රමාණයක දෙපැත්ත උල් කර තිබිණි. ආයුධ නිපදවීම සඳහා සත්ත්ව සැකිලිවල අරාස්‌ථිය, අන්වරාස්‌ථිය, අනුජංඝාස්‌ථිය යන අස්‌ථි ප්‍රයෝජනයට ගත් බවක්‌ දක්‌නට ලැබේ. මේ අස්‌ථි වඳුරා හෝතඹුවා, කලවැද්දා, උරුලෑවා වැනි සතුන්ට අයත් වන බව ද කළ විශ්ලේෂණවලින් අනාවරණය වී ඇත. කුරුවිට බටදොඹ ලෙනෙන් හමු වූ අස්‌ථි ආයුධ වසර 37000ක්‌ තරම් පැරැණි බව අනාවරණය විය. මේ අනුව අලවල පොත්ගුල් ලෙනෙන් හමු වූ මේ ආයුධ ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් බව ද කිව හැකි ය.







උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

උඩරට නැටුම්