පොම්පෙයි






අළු දූලි මත වැසී ගිය පොම්පෙයි හා හර්කියුලේනියම්






ඒ ක්‍රි. ව. 79 , අගෝස්තු 24 විය. අධික කාමාසාවට හා මත්පැනට ලොල්ව සිටි ධන කුවේරයන්ගේ පාරාදීසයක් වූ පොම්පෙයි හා හර්කියුලේනියම් හි වැසියන් සිටියේ තම තමන්ගේ ලෝක වලය. තම අසල්වැසි විසූවියස් ඇහැරී තමන් දෙස බලා සිටිනා වගක් මේ වැසියෝ නොදත් හ. වර්ථමාන නෙපල්ස් නගරයට ආසන්නව පිහිටි පොම්පෙයි හා හර්කියුලේනියම් යනු පුරාණ රෝමයෙහි ධනවතුන් ගේ නිවාඩු නිකේතනයක් ව පැවති මුහුදුබඩ සුන්දර නගර දෙකකි.








මේ සුන්දරත්වයට තිත තබමින් විසූවියස් ඇහැරී තම බලපරාක්‍රමය පෙන්වන්නට පටන් ගත්තේය. බිළිඳුන් නිදි කරවමින් සිටි මවුවරුන්ද, තම සහකාරිය සිප වැළඳ සිටි පෙම්වතුන්ද, නිඳිගත්වනම සිටි අනෙක් වැසියෝද, ඇහැරී සිටියවුන්ද , සදාතනික සිහිවටන බවට පත් කරමින් , පැයට සැතපුම් 50- 60 අතර වේගයෙන් ලාවා ගඟ ගලා ගියේය. මේ මගින් නැගි විශ දුම ආග්‍රාණයෙන් බොහෝ වැසියෝ ජීවිතක්ෂයට පත් වූ අතර අලු නිසා දෑස් අඳව දුවා ගත නොහැකි වුනු වැසියෝද ලාවාහි කිඳී ගියේය.





පැය 18 ක් තිස්සේ තම අණසක පැතිරවූ විසූවියස් යලිත් බොහෝ කලකට මම නොනැගිටිමිය යන තිර අධිටනින් යුතුව නිදාගන්නට ගියේය. එහෙත් විසූවියස් ඇහැරී කල විනාශය සුළුපටු නොවීය. මේ දෙස ඈත සිට බලා සිටි Pliny නම් තරුණයා ලියමනකින් මේ විනාසයේ ස්වභාවය මැනැවින් විස්තර කර ඇත. මිනිසුන් දහස් ගණනකුත් , දේපල විශාල ප්‍රමාණයකුත් පොළොවටම වසා දමන්නට එකී ගිණි කන්දට හැකි විය. වසර සිය ගණනක් තිස්සේ මේ මහා ව්‍යසනය පොළොව මත නිදන්ව තිබූ අතර , වර්ශ 1549 දී Domenico Fontana නම් වාස්තු විද්‍යාඥයා විසින් මෙය ගොඩ ගන්නට සමත් විය. ටිකෙන් ටික කැනීම් කරමින් ගොඩගත් මේ නගරවල අදටත් කැණීම් කරනු දැකගන්නට හැකි කරුණකි.







මෙම කැණීම මගින් ලබාගත් පුරාවස්තු නෙපල්ස් හි, ජාතික කෞතුකාගාරයට යන ඔබට බලාගත හැකි අතර ලාවා වලින් වැසී අලු මතින් වැසී ගිය වැසියන්ගේ මළ සිරුරු පොම්පෙයි හි දී දැකගතහැකිය. එකී කාල වකවානුවෙ තිබූ ග්‍රීක දෙවිවරුන්ට අයත් වූ දෙවොල් බොහෝමයක් තිබෙනුයේ හර්කියුලේනියම් හිය.


පොම්පෙයි හි ඇවිදින ඔබට තවමත් ඉතුරුව ඇති නිවාසයන් වල බිත්ති මත වූ සිතුවම් පවා දැකගත හැකි අතර, එකල ඒ නුවර වැසියන් බොහෝ සශ්‍රීකව ජීවත් වූ බවට එහි ඇති නටඹුන් අදටත් සාක්ශි දරයි.





නෙපල්ස් හි පිහිටි ප්‍රධාන කෞතුකාගාරයේදී ඔබට බොහෝ දෑ නැරඹිය හැකිය. එකල මනුශ්‍යන් දැඩි කාමාශාවන් ගෙන් යුතු වූ හා සතුන් සමඟ පවා ලිංගිකව හැසිරුණ අයුරු සනාත කල හැකි බොහෝ සාධක එකී කෞතුකාගාරය තුල ඇත. එමගින් පුරාවෘත වල සඳහන් ලෙස , මේ ව්‍යසනය, අධික කාමාසක්ත මිනිසුන් වෙනුවෙන් දෙවියන් එවූ සාපයකිය යන්න සැබෑවක්ද යන්න යලි වරක් හිතන්නට හිට්බට බලකරන්නට කෞතුකාගාරයේ පිහිටි මේ නැරඹුම් මැදිරිය සමත් ය.








එපමනක් නොව, එකල වයින් දැමීමට යොදාගත් මැටි කළ පවා අදටත් සුරක්ශිතව මෙහි තිබෙනුද දැකගත හැකිය. බොහෝ සිතුවම්, පිළිම , කාසි, භාන්ඩ, ආදී දෑ මෙහි තිබෙන අතර මේ සියල්ලකින්ම ගම්‍ය වනුයේ එකල මිනිසුන්ගේ සුඛෝපභෝගී දිවිපැවැත්මය. එහෙත් ඒ සියලු සුඛ විහරණයන් අනිත්‍ය වග පහදන්නට පොම්පොයි හි ඇති මළ සිරුරු සමත් වගත් කිව යුතුමය.

©️නැණස.



Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

ඇම්බැක්කෙ