ප්‍රංශ ඉතිහාසයේ ඔටුන්න ලූවර් කෞතුකාගාරය



පැරිසියේ ඔටුන්න වූ ලූවර් කෞතුකාගාරය 


ප්‍රංශයේ අගනුවර වූ පැරිස් හි ඇති ලූවර් කෞතුකාගාරය යනු එරට වසර හාරසියයකට අධික ඉතිහාසයක ප්‍රෞඩත්වය හා ලෝකප්‍රකට බොහෝ නිර්මාණයන් හි එකතුවකි. වර්ෂ 1515 සිට 1547 දක්‌වා ප්‍රංශය පාලනය කළ ප්‍රැන්කෝසිස්‌ අධිරාජ්‍යයාගේ සිට වසර 1852 සිට 1870 දක්‌වා රජ කළ නැපෝලියන් බොනපාට්‌ (III) අධිරාජ්‍යයාගේ කාලය දක්‌වා වූ ඉතිහාසය කියාපාන කෞතුක භාණ්‌ඩ මෙන්ම, ලෝකප්‍රකට සිතුවම් ද මෙහි ඇත.


පසුකාලීනව එනම්, 1989 වසරේදී කෞතුකාගාරයේ ඉදිකළ වීදුරු පිරමීඩයත් සමග වසර 474 කට ආසන්න ඉතිහාසයක සාධක මෙහි අන්තර්ගතය.

ගෘහ නිර්මාණ ශිල්පී අයි. එම්. පේයි විසින් නිර්මිත වීදුරු පිරමීඩය මෙකී කෞතුකාගාරයට ගෙන එන්නේ මහත් වූ සුන්දරත්වයකි. මෙය ඉදිකරන ලද්දේ කෞතුකාගාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ලෙසිනි. ඒ අනුව 1989 වසරේ සිට ලූවර් කෞතුකාගාරයට පිවිසිය යුත්තේ මෙම වීදුරු පිරමීඩය තුළිනි.

ලූවර් කෞතුකාගාරයේ පළමු ප්‍රතිසංස්‌කරණ කටයුත්ත සිදු කරනු ලැබුවේ 1190 වසරේදී එවකට ප්‍රංශය පාලනය කළ පිලිප් ඔස්‌ටස්‌ රජතුමා විසින් වන අතර, එතැන් පටන් වසර හාරසියයක්‌ තිස්‌සේ කෞතුකාගාරයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුවෙමින් වර්තමානයේ තිබෙන තත්ත්වය දක්වා වර්ධනය වී ඇත. මෙම සිව්මහල් කෞතුකාගාරයේ සිතුවම්, මූර්ති සහ පෞරාණික භාණ්‌ඩ සඳහා ප්‍රධාන වශයෙන් කොටස්‌ තුනක්‌ වෙන්කර ඇත. එහි ග්‍රීක, ඊජිප්තු සහ ඉතාලි නිර්මාණ ද තිබේ.

මෙහි තිබෙන ලෝකප්‍රකට සිතුවම් අතර ලියනාඩෝ ඩාවින්චි විසින් 1504 වසරේදී අදින ලද මොනාලිසා චිත්‍රය ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඉතාලියේ ෆ්ලොරන්ස් හි ජීවත් වූ සිටු කුමරියකගේ මූණුවර ඇසුරින් නිර්මිත මොනාලිසා සම්භන්ධව අතුරු කතාද නොඅඩුව පවතී.

ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ චරිතයේ විවිධ අවස්‌ථා නිරූපණය කරන ප්‍රංශ සහ ඉතාලි සිතුවම් රැසක්‌ ද මෙහි. ඇත. ඇතැම් සිතුවම් අති දැවැන්තය. එම චිත්‍ර අතරින් ඉතාලි සිතුවම් ජීවමාන බවට සමීපය.

මෙම සිතුවම් ප්‍රංශ අධිරාජ්‍යවරුන් විසින් ඉතාලියෙන් සොරාගෙන පැමිණි ඒවා බවට කියවේ.

කිරිගරුඬින් නෙළන ලද මූර්ති රැසකි. 1820 දී ගී්‍රසියේ මිලෝහිදී සොයා ගන්නා ලද කාන්තා පිළිරුව

මයිකල් ඇන්ජලෝ විසින් නිර්මාණය කරන ලද නිදා සිටින නිරුවත් තරුණයාගේ පිළිරුව

15 වැනි ශතවර්ෂයේදී ජර්මන් කලාකරුවන් නිර්මාණය කරන ලද දැවැන්ත කාන්තා සහ පිරිමි නිරුවත් පිළිරූ ඉන් කිහිපයකි.

ක්‍රිස්‌තු පූර්ව 3 වැනි ශතවර්ෂයේදී පමණ ගී්‍රසියේදී නිර්මාණය කළ ජයග්‍රහණයේ දෙවඟන නමැති ගලින් නෙළන ලද පිළිරුව සහ ගවයකුගේ සිරුරකට මිනිස්‌ මුහුණක්‌ සහිතව නිර්මාණය කළ 8 වැනි සියවසට අයත් ගී්‍රක පිළිමය,

රාජාලියකුගේ සිරුර සහිත සීනි බහාලන බඳුන ඇතුළු ගී්‍රක ඉතිහාසයට අයත් මූර්ති රැසක්‌ද ලූවර් කෞතුගාගාරයේ ප්‍රෙෘඪත්වය ඔප්නංවයි.

ප්‍රංශයේ රජ කළ රජවරුන් සහ ඉතාලියේ පාලකයන්ගේ රන් අසිපත්, සිංහාසන යුද අවි රැසක්‌ද රන් බඳුන් ඇතුළු පෞරාණික භාණ්‌ඩ රැසක්‌ද මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එම භාණ්‌ඩ අතර ප්‍රංශය පාලනය කළ ලුවී රජ පරපුර සහ නැපෝලියන් බොනපාට්‌ සෙන්පතියා පරිහරණය කළ රන් භාණ්‌ඩ ද ඇතුළත්ය.

Comments

Popular posts from this blog

රන්ගිරි දඹුලු විහාරය

රෝමියෝ ජුලියට්

ඇම්බැක්කෙ